
Mawuni Piyanani Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
මවුනි පියාණනි, ලොවට මා වැදු
කැපවී ආදරෙන් ජීවිතේ සැදු
බැතියෙන් අගයමි ඔවදන් දෙසූ
නිතැතින් රකිනෙමී ගුණදම් වැඩු
අකුරට මා යොමු කලේ දැනුම ලබන්නයි
ඒ දැනුමෙන් ලෝකයේ හොඳක් දකින්නයි
ජය පැරදුම එක ලෙසේ බාර ගන්නටයි
ඔබ මා දිරිමත් කලේ දහම් වඩන්නයි
මවුනි පියාණනි, ලොවට මා වැදු
කැපවී ආදරෙන් ජීවිතේ සැදු
බැතියෙන් අගයමි ඔවදන් දෙසූ
නිතැතින් රකිනෙමී ගුණදම් වැඩු
දිවි ගමනේ කඳු මුදුන් කොතෙක් ලැබෙන්නේ
තරණයේදී ඔබේ වදන් සිහියට එන්නේ
ලබනා විට මා දිනුම් ඔබයි දිලෙන්නේ
බුදු වෙන්නයි මතු භවේ සදා පතන්නේ
මවුනි පියාණනි, ලොවට මා වැදු
කැපවී ආදරෙන් ජීවිතේ සැදු
බැතියෙන් අගයමි ඔවදන් දෙසූ
නිතැතින් රකිනෙමී ගුණදම් වැඩු
නිතැතින් රකිනෙමී ගුණදම් වැඩු
නිතැතින් රකිනෙමී ගුණදම් වැඩු