Rakusan ft. Ansaf Ameer Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2021
Lyrics
මා සිනා සොරකම් කලාදෝ
පායනා හිරුටත් හොරා
අඳුරේ ගිලෙනා
නිවෙනා මිණි පහනක් වේ මා
ගයනා ගීයක් නෑසෙන්නේ
රකුසන්ගේ හඬ රැව්දෙන්නේ
හද කම්පිත කරවන පුවතක්
ගෙවිලා යයි තව එක දවසක්
රකුසන්ගේ අඩවියේ මොහොතක්
තනිවී මිලින උනා මල් කැකුලක්
තනියට අල්ලපු ගෙදරක අම්මේ
නුඹ ගිය තැන වෙනසක් මට දැනුනේ
අත අල්ලා ගෙන කැලයට වැදුනේ
කඳුලින් කෑ මොර දී පණ ඇදුනේ
කොටදෙණියාවේ මතකද සේයා
රෑ නින්දෙන් මිලින කලා කෙලෙසා
මුලු රටක් කම්පිතව කඳුලින් හැඬුවා
යන්න යන්න කල් අමතක කෙරුවා
මේ වැනි පොඩි දරුවන් රැක ගන්න
පිරිමි උනත් නෑ වෙනසක් වෙන්න
හිතවත් අය ලඟ තනියට දෙන්න
පෙර ආයෙත් මෙය සිහියට ගන්න
මා සිනා සොරකම් කලාදෝ
පායනා හිරුටත් හොරා
අඳුරේ ගිලෙනා
නිවෙනා මිණි පහනක් වේ මා
ගයනා ගීයක් නෑසෙන්නේ
රකුසන්ගේ හඬ රැව්දෙන්නේ
අසහනයට ගිජු වූ මනසට
වෙනසක් නෑ ලොකු පොඩි වයසක
වල්මත් වූ කල කම් සැපකට
තිරිසන් ගතිගුණ එයි කලඑලියට
දරුවට ආරක්ෂාවම වෙන්න
හැකි පමණින් ආදරයම දෙන්න
රකුසන් හැම තැන හැමවිට ඉන්න
බව ඔය මනසට සිහිකර ගන්න
තල් අරණේ රන් දෝණි විද්‍යා
පාසල් යන පාරේ රැක උන්නා
කෙලෙසා පටිගත කර උන් දුන්නා
වනසාලූ තන ඈ වැඩි උන්නා
වරදක් නැත ඈ කිසි දින කරලා
රූපෙට වසඟ වෙලා සිඳ මරලා
හීන ගොඩක් හිත් මානේ උරලා
යන්න ගියා ඈ මේ දුක විඳලා
මා සිනා සොරකම් කලාදෝ
පායනා හිරුටත් හොරා
අඳුරේ ගිලෙනා
නිවෙනා මිණි පහනක් වේ මා
ගයනා ගීයක් නෑසෙන්නේ
රකුසන්ගේ හඬ රැව්දෙන්නේ
කාලෙන් කාලෙට පුරුදුයි කතාව
තාමත් අඳුනන්නෑ අපි සතාව
බිලි උන දා ඔබේ දුව හරි පුතාව
තේරෙයි මා මේ කියනා කතාව