
Dewaruden Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2023
Lyrics
කට්ටිය එන්න පෝලිමේ දේවරූඩයෙන් රැප් ලියා දෙනු ඇත
ආනිසංස බලන් නෙමෙයි පිං කලේ මගේ කැල
දන්කුඩේ තිබ්බ රස බත් පතේ තිබ්බ වස
මං නසල ගද්දි දැනෙනවා මදහස
බලයි පෙරල සද මඩල හිරු කිරණ
ගන්නම් කරකාලා රැප විසබීජ හරණ
මිතුරා මම පරම කියයි ළගදී කරුම
අපේ වදන් වටී දවසක වුණත් අපි පරණ
කිව්වට නිදහස් වෙලා කියලා තාමත් යටත් විජිත
මයි රැපින් ගෙටර් බිගර් ලයික් පිංපොන් ටු රජිත
යම් කිසි ගානකට තියාගත්ත වදන් මොනව උනත්
දෙසීයවිසිපහකට සැප දෙන්න අපි විදින දුකක්
කියලත් තවත් දෙක පුන පුනා කිව්වා මම
කොපි කරත් හොමි මාව කරන්න බෑ සම
තාඩන පීඩන මැද්දෙන් බාධක
බලෙන් වෙන්න බෑ කාගෙවත් ආසම
දේවාරූඪෙන් දේවාරූඪෙන් දෙවියන් අභියස
ගැලවෙන්න පාපෙන් කය මිස සිත නැති බඹ ලෝකෙන්
දේවාරූඪෙන් යැදපන් දෙවියන් අහසේ
හිරු සදු යාවෙන් ඉන්න ආසයි මං දේවාරූඪෙන්
භාගෙට භාගයක් දොස්තරලා හින්දා රෝග වැලදුණු
මුන්ට ආසම රැප දැම්මට පස්සේ දාන්නේ හීනලු
මැකිලා යනවා අකලට උබලගේ වැස්සේ සලකුණු
අපිව ඇහිලා දෙවනි පාරත් ගැස්සේ සොහෙනේ මලකුණු
මාතලි අරන් එන්න රථේ මාර සිද්ධි වෙන්නේ රටේ
විස්තර තියේ මගේ රැපේ පංචසික ගැහුවා වගේ
වීණා වාදනේ තත බිදිලා නෑ මගේ බස
අයිසින් දාපු වචන පාංශු කාදනේ උඹේ පස
මං කියන වචනයක් ගානේ අහන්නේ බොලා කුතු හලෙන්
එන්න ඕනෙ තනියමයි තමා වැටිච්ච වලෙන්
කියලා තිබේ මම බොහෝ දේවල් මිනිස්සු මැයෙන්
වග කිව යුත්තන් මෙහි ලොවක් හිනැස්සු දැයෙන්
මගේ ඇතැම් වදන් ගැලපිල්ල සාහසික
ජාතිය ඇමතීම මං නෛතිකව
දෙයියෝ කියන හැමෝම ඕපපාතිකද
සමයි අනුලෝම සාමානුපාතිකව
දේවාරූඪෙන් දේවාරූඪෙන් දෙවියන් අභියස
ගැලවෙන්න පාපෙන් කය මිස සිත නැති බඹ ලෝකෙන්
දේවාරූඪෙන් යැදපන් දෙවියන් අහසේ
හිරු සදු යාවෙන් ඉන්න ආසයි මං දේවාරූඪෙන්