
Ayeth Ubawa Balanna ft. Adithya Prabhavee Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2022
Lyrics
මුදුනට ඉර එනවා, කන්දට දෙයක් කියන්න
ලන්දෙදි හමුවෙනවා, සිතුවිලි කතා ලියන්න
දන්නවා ආසයි කියලා, උඹ ඒ හීනේ දකින්න
මං හබරණ එනවා, ආයෙත් උඹව බලන්න
ගොම්මනෙ කදු තනි වෙනවා, පොඩි දුරයි මෙතන ඉදන්
අහසට අපි ළං වෙනවා, දැන් ඇති ගෙදර යමන්
පෙර කී කවි සිහිවෙනවා, වැව ඉදී අහක බලන්
ටිකකින් හද පායනවා, රාත්‍රිය එලිය කරන්
වැස්සයි සීතලයි කොළඹ වගේ නෙමෙයි
කැස්සයි මීදුමයි කන්ද උඩහ තෙමෙයි
සොයා එන්නම් පසු කරන් ඕවිටියා දං
තනිකම මකාගන්න වැව දිහාට යං
සතිඅන්තේ කන්තලේ
නිවී හැනහිල්ලෙ අපි යමු මාතලේ
ගන්ඨාර නද ඇහෙයි මාගල්ලෙ පන්සලේ
සතුටට දෙවියන් තමා පත් කලේ
හවසට එයි අදුර සදුන් තලේ ඉදන්
මං උඹට කියන්නම් ගොතපු මගේ වදන්
හොරු ආවට ගන්න මුතුන් කාලේ නිධන්
බයේ පැන යයි ආපු අතක අයේ බලන්
මතක පොදි බැදන් විහගු හැදු කැදැල්
පිරිලා දැන් පෙමෙන් හිත නොයයි ගමෙන්
ගැඹුරැ තැන ඉදලා පිවිසෙනවා සෙමෙන්
සරල කතා නිසා දැන් තේරුම් යනවා කෙමෙන්
මුදුනට ඉර එනවා, කන්දට දෙයක් කියන්න
ලන්දෙදි හමුවෙනවා, සිතුවිලි කතා ලියන්න
දන්නවා ආසයි කියලා, උඹ ඒ හීනේ දකින්න
මං හබරණ එනවා, ආයෙත් උඹව බලන්න
ගොම්මනෙ කදු තනි වෙනවා, පොඩි දුරයි මෙතන ඉදන්
අහසට අපි ළං වෙනවා, දැන් ඇති ගෙදර යමන්
පෙර කී කවි සිහිවෙනවා, වැව ඉදී අහක බලන්
ටිකකින් හද පායනවා, රාත්‍රිය එලිය කරන්
මුදුනට ඉර එනවා, පොඩි දුරයි මෙතන ඉදන්
ලන්දෙදි හමුවෙනවා, දැන් ඇති ගෙදර යමන්
දන්නවා ආසයි කියලා, වැව ඉදී අහක බලන්
මං හබරණ එනවා, රාත්‍රිය එලිය කරන්