
Mohothak nikan inna Lyrics
- Genre:Pop
- Year of Release:2023
Lyrics
මේ සඳ මතට ඔබ එන්න
තොල් මත රැඳුනු උනුසුමෙන් දුවන හිත නවතන්න
ඇස් රතුකරන් හිනැහෙන්න
ජීවිතය දල්වන්න මොහොතක් නිකන් ඉන්න
පපුතුරේ සියුම් හිස්තැන් සොය සොයා
ආදරේ පිරෙන බව දැනෙනවා
ඔරලෝසු කටු කැඩී කාලය හා අවකාශ බිඳෙනවා
ගැඹුර අද්දර මැවී
මේ තරම් සරලදැයි හිතෙනවා
මේ සඳ මතට ඔබ එන්න
තොල් මත රැඳුනු උනුසුමෙන් දුවන හිත නවතන්න
ඇස් රතුකරන් හිනැහෙන්න
ජීවිතය දල්වන්න මොහොතක් නිකන් ඉන්න
බිම ඉඳන් බලනවා වගෙ නෑ
විශ්වයේ විසල් බව දැනෙනවා
නිමක් නැති මේ අසීමිතයේ
අපේ සීමිත ලෝකයේ
බරට අඩි තියන් අපි හිටිය තැන්
හරිම හරි පුංචියට පේනවා
මේ සඳ මතට ඔබ එන්න
තොල් මත රැඳුනු උනුසුමෙන් දුවන හිත නවතන්න
ඇස් රතුකරන් හිනැහෙන්න
ජීවිතය දල්වන්න මොහොතක් නිකන් ඉන්න