![e heta ayeth enne na](https://source.boomplaymusic.com/group10/M00/09/24/96529f34c22d48628892d650a71cf1fa_464_464.jpg)
e heta ayeth enne na Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
ඒ හෙට ආයෙත් එන්නේ නෑ
ගියදේ ඇදලා ගන්න බෑ
සිතුවම් මෙන් දිස් වී
මලවුන් මෙන් හිනැහී
ඔබ මා බලා සිටිනවා මට පෙනේ
සෙනෙහස කෝටියක්
මතකය මාගලක්
අත් ඔසවමි වාරුවෙන්
සොයුරනි සුභගමන්
සිහිනය සමඟින්
අරුනළු විඳිමින්
නව දළු දමමින්
දිවිමන් අරඹන්
ඒ හෙට ආයෙත් එන්නේ නෑ
ගියදේ ඇදලා ගන්න බෑ
සිතුවම් බොඳවී
සිහිනය මියැදී
පාළුව වදදී
දිවිමන් මැදදී
විරුවන් මියැදී නැතිනම්
සුරුවම් නොබිදී නැතිනම්
පෙරමග සරසා නැතිමුත්
අරඹනු සිහිනය නැවතත්