Hitha Gawa Heena Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
රැයේ රහසින් සේද අහසට
හෙමින් නුඹ කිව් ප්‍රේම ගීයම
ගොතන අපි දැන් අපේ හිත් ළඟ
නතර වුණු හැටි යලි නොඑන්නම
නතර වුණු හැටි යලි නොඑන්නම
හිත ගාව හීන
මල් මල් ඇහින්ද
පිනි හීත ගලන
හැඟුම දැනුනාද
සිනහව පා
නිල්නෙතු විදහා
හොරැහින් කිව් දේ
හද සැලෙනා
ඉරේ බැබලුම දකිනු කොහොමද
නිල් අහස නැතිනම් ළඟින්
රැයේ ලස්සන විඳිනු කොහොමද
සඳ එළිය නැති නම් ළඟින්
එක්ව යන මේ ගමන එළියයි
කුමරියේ නුඹෙ වදනකින්
මගේ සිහිනය ගොතනු කොහොමද
නුඹ හැරදු අන් ළඳකගෙන්
හිත ගාව හීන
මල් මල් ඇහින්ද
පිනි හීත ගලන
හැඟුම දැනුනාද
හිත ගාව හීන
මල් මල් ඇහින්ද
පිනි හීත ගලන
හැඟුම දැනුනාද
රැයේ රහසින් සේද අහසට
හෙමින් නුඹ කිව් ප්‍රේම ගීයම
ගොතන අපි දැන් අපේ හිත් ළඟ
නතර වුණු හැටි යලි නොඑන්නම
නතර වුණු හැටි යලි නොඑන්නම
අත් පටලාගෙන යන මේ මාවත
ලස්සන තරමට බාධක එයි හෙට
එකම හිතක් ඇත මියයන තුරු මට
කුමරියෙ නුඹෙ හිත දන්නා ප්‍රේමෙන්
සුරඟන පරදන ගමනට බබලන
නුඹමයි තෙලිතුඩ හද සිතුවම් කළ
අපේම හීනෙට පාට සොයාගෙන
ලස්සන හවසක තුරුලට එනවද
එනවද තුරුලට එනවද