
Sanda Sawee (සඳ සාවී) ft. Imara Paris Maheepala Lyrics
- Genre:Pop
- Year of Release:2025
Lyrics
ස්වප්නපාන ප්‍රේමනීය මිරිඟු මවන රාත්‍රියේ
නිදියහන් පුරා සවනත ගී මුමුනයි ඈ මගේ
සඳ සාවී පායා ලංවෙන්න
සඳ සේලේ අතුරා සැතපෙන්න
රැය මියැදී උපනා ප්‍රේමයට
ඔබ මගෙ වෙන්න
මගෙ වෙන්න
මෙඝ නාද රටා මවන
අඳුර දැල්වු යාමයේ
වස්සානෙට නුඹ නිවියන්
තාරකා වැලේ
පායා ඒනම්
මාය දවමින්
සඳ සාවී පායා ලංවෙන්න
සඳ සේලේ අතුරා සැතපෙන්න
රැය මියැදී උපනා ප්‍රේමයට
ඔබ මගෙ වෙන්න
මගෙ වෙන්න
තක්සලා දොරින් හදවත
අකුරු ඉපදිලා
පන්හිඳෙන් ලියා තිබුනත්
බස උරණ වෙලා
පාවීයානම්
ආලේ සරදම්
සඳ සාවී පායා ලංවෙන්න
සඳ සේලේ අතුරා සැතපෙන්න
රැය මියැදී උපනා ප්‍රේමයට
ඔබ මගෙ වෙන්න
මගෙ වෙන්න