Musala Hawasaka ft. Kaizer Kaiz Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
පුරුද්දට වගේ නිවෙන්න ආසම හිංදා
රිදුණු හිතේම රාගය රන්දා
හිමි උනේම දුක් ගිණි හිංදා
තනිව අනේක සුර සැප වින්දා
අත නෑරි නාරි මා ළය සින්දා
ළඟ ගෑවි ගෑවි හිත මගෙ බින්දා
ළඟම හිටි මිනිසුන් වෙනස් වෙච්ච හිංද
හොඳම දේ, තනියමම මම ජීවිතේ වින්දා
මූසල හවසක , මතකයි ආණ්ඩුවෙ නිවසක
අම්මා තාත්තා මරාගත්ත තප්පර ගානට
අසරණ පොඩි හිත පර උන හැමදාටම
පොඩි හරි සතුටක් තිබේ ඉස්කෝලේ
එතන්ස්ත් තනියම මං කොනෙ මුළුල්ලේ
වචන කරං උං පිස්තෝලෙ
ටික ටික මරන් කෑව මුං මේ මෝළේ
හෙව්වේ නෑ සතුටම මාවම හෙව්වා
මගේ හිනාවට මම තරහින් රැව්වා
මගේ අපලෙට ම මම පිරිත් කියලා
පව් කරපු දකුණේ වමෙන් නූල් බැන්දා
පන ටිකට හුස්ම කියද්දි බණ
හීල්ලන්නේ අතරමං වෙච්ච කණ
ආයෙ ඉපදෙන්න කිරි හොයනවා කට
ඒත් කරුමෙට පණ දෙන්න කැමති නෑ තන
ගිණිගන්නා හිත් හින්දා
හටගන්නා දුක සංකා
තනිකම හා මිතුරු වෙලා
තනිවම බැඳීමෙන් මිදුනා