Oba Ekka Lyrics
- Genre:Pop
- Year of Release:2015
Lyrics
ඔබ එක්ක ඉන්න හැම මොහොතක් පවා
සුන්දර හීනයක් වෙලා
මා එක්ක ඉන්න ජීවිතේම ළංවෙලා
ආදර දෙව්දුවක් වෙලා
ඔබමයි මාගේ සඳසාවී සදා
රෑ බෝ වු ජීවිතේ පුරා
ලෝකය මගේ පිරී ගියා
හිත එක්ක ගෙව්ව හැම වේලේ එදා
තනිකම මා පෙළා ගියා
සඳ එක්ක මුමුණන්න සිටියා බලා
ඔබ මා ළඟින් නැති නිසා
ඔබමයි මාගේ උණුහුම් සෙනෙහේ
සීතල වූ රැයේ පුරා
ලෝකයම දැන් ඔබේ වෙලා
ඔබ එක්ක තනිවෙන්න උන්නේ බලා
පවසන්න මා හැඟුම් පුරා
රුව එක්ක මා කොහේ අතරමංවෙලා
ඔබ දැන් හිඳින්න දුර නොයා
ඔබමයි මාගේ රැජිණී සැමදා
මා හද මන්දිරේ පුරා
මගෙ ජීවිතේම ඔබ වෙලා