Mathrubhumi Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2019
Lyrics
මෙන්න වැන්ද මාගෙ මුල්ම හෘද සමාචාර
ධර්ම ද්වීප ජන්ම භූමි මාගෙ උතුම් හෙළදීප
ලෝකෙම නැති තරම් සොභා සෞන්දර්ය පිරුණ
මාගේ අම්මා වාගෙම රකින මගේ සුන්දර මාතෘභූමිය
මහා සෑය මළුව මහ බෝ මැඩ දැවටි මගේ
රටේ හතර වටින් හමන සුළගත් මට සැපයි
වීර දුටුගැමුණු ධා සෙන් පැරකුම්බා විජබා
ඉපදුණ වංශෙ මම ඉපදුණෙ මගෙ පිනයි
එහෙව් උතුම් මගේ රටට වින කටින්න
එකනෙක පරජාතීන් කාලෙන් කාලෙට ගොඩබහින්නෙ
අසික්කිතයි තුච්ඡයි හිරිකිතයි
උන් බෝකළ දුරාචාර මගෙ රට කෑවයි
පර සුද්ද එහෙම කාපු තැන ඉඳන්
මගෙ රට වලපල්ලට දාන යමපල්ලන් රැලක්
හැත්තෑ අවුරුදු ගාණක් තිස්සේ දුන්නෙම දුකක්
පාදඩ දෙස්පාළුවන්ට උගන්නමු හොඳ පාඩමක්
මාතෘභූමි සදා වැජඹේවා ලෝ දිග දසත පුරා
ජන්ම භූමි සදා රැකගන්නෙම් දිවි දෙවනුවට තබා
'948 නිදහස ලැබුණ කිව්වත් අපෙ සමහරුන්ට වැරදී
කලු සුද්දන් මිස වෙන කවුරුද මගෙ රටෙ
වැඩිපුර ඉන්නෙ හැම තැන තැන තැන අද විසිරී
ධර්මපාලතුමන් පෙන්නල දුන් වින්නැහියම
වී අද මගෙ රට ඇදවැටි මකර කටේ
පැනපියව් මුහුදට දැන්වත් ඉන්නට බැරිනම්
ජරමර දාගෙන හතරවටේ
ජාතික වීරවරුන් උගුරෙ ලේරහ වැටෙන තුරු
කිව්දේ ඇසුවේ බොල නෑනේ
පක්ෂ පාට ලොකුකරගෙන බෙදි බෙදි මාගෙ
මව් රට මුන් ටික අද අද තරඟෙට අද කන්නේ
බුද්ධිමත් පාලකයින් පත්කරගන්නට නම්
රටවැසි මහජන බුද්ධිමත්ම වියයුත්තේ
අදවිය යුත්තේ මොළගෙඩිවලින් දරු පරපුර ගැන
සිතා බැලිය යුත්තේ
මාතෘභූමි සදා වැජඹේවා ලෝ දිග දසත පුරා
ජන්ම භූමි සදා රැකගන්නෙම් දිවි දෙවනුවට තබා
එතුමට මෙතුමට ජයවේවා කියමින්
පස්සෙන් යන හෙන්චයියන් තමා
මගෙ රට්ට වෙච්ච මහ හෙණය රටටම සාපය
හොරු බිහිකළ මහ පාහරකම
මගෙ ආදර නංගි මල්ලි දැන්වත් මහ වංශෙ
මුල සිට අගටම කියවගෙන යන්න
අපට තිබුණු මහම මහ ප්‍රෞඩ ඉතිහාසෙ
වටිනකම් ජීවිතයට ගන්න
අපි ඔබ හැම ඉපදිල ඉන්නෙ මෙ
පුණ්‍ය භූමියක බව වටහාගන්න
පිලිලෙ දේසපාළුවො මිස මගෙ
සුන්දර මාතෘභූමි ලෙස නොම සලකන්න
මේක තේරුණොත් ඔබ හැමට අදම අද
රැකෙයි මාතෘභූමි හෙට උපදින පරපුරට
නිතරම සිහිකරගෙන බුදු වදනම හද
අප්රමාදිවි නොපසුතැවෙන්න අපෙ රට රැකගන්න
ධරණී තලයයි ඔබ මා අප හැම උරුමය ලැබුවේ
සුන්දර ලක්මෑණී තුරුලෙ අගේ
රැකගන්නෙමී පෙර කල විරුවන් සේ නිබඳේ
සරනා තුරා සංසාරේ
මාතෘභූමි සදා වැජඹේවා ලෝ දිග දසත පුරා
ජන්ම භූමි සදා රැකගන්නෙම් දිවි දෙවනුවට තබා
මාතෘභූමි සදා වැජඹේවා ලෝ දිග දසත පුරා
ජන්ම භූමි සදා රැකගන්නෙම් දිවි දෙවනුවට තබා